iranama
ඔක්තෝම්බර් 12 දා ප්‍රබල
සරස්වතී යෝගයක් සරස්වතී යෝගයක්
සිඟිති දරුවනට අකුරු කියවීමට, ප්‍රබල සරස්වතී යෝගයක් ඔක්තෝබර් 12 දින යෙදී ඇත.
චන්ද්‍ර මාස ක්‍රමයට අනුව රවි දක්ෂිණායන සරත් සෘතුවේ, මේ ආරම්භ වන්නේ වප් මාසයයි. එසේම එළඹෙන ඔක්තෝම්බර් මස 04 වන අඟහරුවාදා දින උදේ 05. 02 ට නව ග්‍රහයින් අතරින් බුද්ධියට අධිපති ග්‍රහ තාරකාව වන බුධ ග්‍රහයා තම ස්වක්ෂේත්ර, උච්ච මෙන්ම මූලත්රිකෝණ වූ එමෙන්ම සුවිශේෂ පළමු රාශිය වන බලවත්, මෙන්ම සුබ දායක කන්‍යා රාශියට පිවිසීමෙන් අතිවිශේෂ සුබ නැකතක් උදාවනු ඇත.
එනම් ඔක්තෝම්බර් මස 12 වන බදාදා දින උදේ 05.58 ත් 06.03 ත් අතර කාලය තුළ සිඟිති දරුවන්ට අකුරු කියවීමට අති ප්‍රබල සරස්වතී යෝගයක් උදාවනු ඇත. සුබ වේලාව ඔක්තෝම්බර් මස 12 වන බදාදා උදේ 06.02 වන අතර සුබ දිශාව නැගෙනහිර දිශාවයි. මෙදින උච්ච බුධ රවි හා ගුරු සමගින් යෝගව කන්‍යා ලග්නයේ තැන්පත් වීමත්, මෙදින බදාදා දිනයක් වීමත්, මෙම සුබ වේලාව බුධගේ පංචම හා සූක්ෂම හෝරා තුළ යෙදී තිබීමත් නිසා මෙම වේලාව ඉතාම සුබදායක වනු ඇත.
ඒ අනුව නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට ඔවුන්ගේ උපන් නැකතට ගැලපෙන ඉහත සුබ වේලාව අනුව අකුරු කියවීම ඉතාමත් යහපත් හා සුබ දායකය. එසේම මෙම කාල සීමාව තුළ මුදල් තැන්පත් කිරීමට හා ශාස්ත්‍රීය කටයුතු ආරම්භ කිරීමටද ඉතාමත් යහපත් කාල සීමාවක් වන්නෙAය.
ඒ අනුව උදා වූ මෙම සුබ දායක කාලය තුළ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියවීමට ඉතා විරලව උදාවන ඉතාමත් ප්‍රබල හා බලගතු යෝගයක් වන සරස්වතී යෝගය සහිත සුබ නැකැතක් වන අතර සුබ දායක ග්‍රහ බලයක් ද පවතින කාලයකි. මෙවැනි බලගතු සුබ මුහුර්ථයකින් දරුවෙකුට අකුරු කියවීම තුළින් එම දරුවා අනාගතයේ මෙරට ඉතාමත් දැනුමැති අධ්‍යාපනයෙන් පරතෙරට ගිය සමාජයට වැඩදායී යහපත් උගතෙකු වනු නොඅනුමානය. මේ කාලය තුළ අකුරු කියවන දරුවන් අනාගතයේ ෙවෛද්යවරුන්, ඉංජිනේරුවන්, කලාකරුවන් වනු ඇත.
මුලින්ම දරුවා ලවා ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු උගත් යහපත් වැඩිහිටියෙකු විසින් සුබ නැකතට අනුව දරුවාට අකුරු කියවිය යුතුය. මේ දිනවල මිථුන, කන්‍යා, ධනු හා මීන යන ලග්න වලින් උපන් දරුවනට උපන් නැකත අනුව සකසා ගත් වේලාවන් තුළ අකුරු කියවීම යහපත් වනු ඇත. ඒ අනුව රෙහෙන, සිත, මුවසිරස, අද, දෙනට, සියාවස, සා, අනුර, පුෂ, මා, මුල, කැති, අස්විද, උත්‍රපුටුප, උත්‍රසල, උත්‍රපල්, හත, සුවන, යන නැකතකින් උපන් දරුවන් සඳහා මෙම දින යොදා ගත හැකිය. ඊට පෙර දින දරුවා සමඟ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල යෙදීම ඉතාම යහපත් වනු ඇත.
සුබ නැකතට අකුරු කියවීම.Ê
මෙම චාරිත්‍රය දරුවෙකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත්a පුරවැසියෙකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම් කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ජ්‍යෙdතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව ගුරුවරයා විසින් ආදාල පොත දරුවා අත තබා "ස්වස්ති සිද්ධම්" (යහපතක්ම වේවා) යෑයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුවÊ අකුරු කීපයක් දරුවාට කියවා අකුරු කීපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අද වන විට එය වෙනස්ව ගෙදරම වැඩිහිටියෙකු විසින් කරන තත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණ ගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතුය. අකුරු කියවීමට අස්විද, රෙහෙණ, මුවසිරස පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක්Ê මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්රහයෙකු නැති උභය ලග්නයක් උදා වූ වේලාවක මෙම නැකත සකස් විය යුතුය. අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05 ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්කෘතියත් සමගින් වයස 03 ට පෙර කියවිය යුතු යෑයි මතයක් ගොඩ නැගී ඇත.
අකුරු කියවීමේ අවස්ථාෙවීදී ගණ දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්යය ඇතිවීම, ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මගින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.
ජ්‍යෙතිෂවේදී,බණ්ඩාරගම සම්පත් එස් කල්පගේ
නොමිලේ උපදෙස් සඳහා දුරකථනය -0771234313
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks